සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් හි Samsung Galaxy S7 සහ Galaxy S7 edge දුරකථන ශ්‍රී ලංකික වෙළෙඳ පොළ තුළ දියත් කිරීම ප්‍රකාශයට පත් කළේය. Samsung Galaxy S7 සහ Galaxy S7 edge හි ඇතුළත් බොහෝ නව්‍යාංග අතරට අලංකාර මෝස්තරය, වැඩිදියුණු කළ රූපමය හැකියාව, විධිමත් කෙරුණු මෘදුකාංග ක්‍රියාකාරීත්ව මෙන්ම සේවා සහ අනර්ඝ අත්දැකීම් සමග එන අසමසම සබඳතාව අයත් වේ.
සැම්සුන්ග් Concierge සමගින් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලන ක්රමාවලියකින් යුතු නව සන්නිවේදන උපකරණයක් නිර්මාණය කිරීමේදී නිරිතදිග ආසියාවේ සැම්සුන්ග් පර්යේෂණ හා සංවර්ධන කණ්ඩායම ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකෙරිණි. මෙම අද්විතීය පාරිභෝගික සත්කාර ක්රමාවලියෙන්, කොළඹ, මහනුවර සහ ගාල්ල යන ප්‍රදේශවල ඇති සේවා මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂිත VIP හදිසි ඇමතුම් සේවා පැය 24 පුරා ප්‍රතිචාර දක්වන විශේෂිත ඊ-මේල් සේවා සහ විශේෂිත සේවා කවුළු වැනි අගනා සේවා රැසක් ක්‍රියාත්මක කෙරේ.
සියලු චලනයන් සටහන් කරගනිමින් ඉතා පුළුල්ව සජීව අවස්ථා ග්‍රහණය කරගැනීමේ හැකියාව පාරිභෝගිකයන් වෙත ලබාදෙන Motion Panorama විශේෂාංගය නිර්මාණය කිරීමේදීද අදාළ පර්යේෂණ සහ සංවර්ධන කණ්ඩායම් සිය දායකත්වය ලබාදෙන ලදී. මීට අමතරව ඡායාරූපාගාරයක් වැනි පරිසරයක් මැවීමට සමත් ආලෝක ප්‍රභව සපයන Selfie විශේෂාංගය නිර්මාණය කරන ලද්දේ නිරිතදිග ආසියාවේ ඉංජිනේරුවරුන් විසිනි.
1. සමකළ නොහැකි මෝස්තරය, ආරක්ෂාවට ඇති විධිමත් බව යටතේ, ත්‍රිමාන Thermoforming ක්‍රියාකාරීත්වයෙන් යුතු Galaxy S7 සහ S7edge සෑම කෝණයකින්ම ලෝහ සහ වීදුරු සුමට ලෙස එක්වූ පෙනුමක් ගෙනදෙයි. නව Always on Display ක්‍රියාකාරීත්වය නිසා දුරකථනයෙන් අගුලු හැරීම පිළිබඳ වදවීමකින් තොරව ඉතා පහසුවෙන් යාවත්කාලීනවීම් පරීක්ෂා කළ හැකිය.
2. IP68 ජල සහ දුහුවිලි ප්‍රතිරෝධකය සමග එන Galaxy S7 සහ Galaxy S7 හි නිමැවුම් මෝස්තරය අවදානමට ලක්නොවන පරිදි භාවිතය වැඩිදියුණු කර ඇත. මීටර් 1 ½ ක් තරම් වූ ගැඹුරු ජලයේ වුවද විනාඩි 30 ක කාලයක් රැඳී පැවතීමේ හැකියාව ඊට ඇත.
3. Dual Pixel වෘත්තීමය තත්ත්වයේ කැමරාව දිනයේ වේලාව හෝ ස්ථානය නොසලකා උසස් තත්ත්වයේ ඡායාරූප ගෙනදෙයි. Motion Panorama කැමරා ක්‍රියාකාරීත්වය සම්ප්‍රදායික පැනෝරාමා ඡායාරූප සඳහා චලනයක් එක් කරන්නේ භාවිත කරන්නාට පූර්ණ ත්‍රිමාන නැරඹුම් අත්දැකීමක් ගෙනදෙමිනි.
4. වැඩිදියුණු කළ ක්රියාකාරීත්වයක් සඳහා Galaxy S7 සහ Galaxy S7 edge දුරකථනය සඳහා පිළිවෙළින් 3000Ah සහ 3600mAh බැටරි යොදාගෙන ඇත. ඊළඟ පරම්පරාවේ ග්‍රැෆික් API වන Vulkan ඇතුළත් ප්‍රථම ස්මාට්ෆෝන් දුරකථන වන්නේ Galaxy S7 සහ S7 edge ය.
5. සුපැහැදිලි දුරකථන ජාල ක්රියාකාරීත්වක් වෙනුවෙන් LTE Cat 9 සබඳතාවෙන් බලගන්වා ඇත. වැඩි පහසුවක් සඳහා 200GB දක්වාවූ අමතර ගබඩා පහසුකම ඇති micro-SD පතක් යෙදීමේ හැකියාව ඇත. එම තැටියම දෙමුහුන් dual SIM පත් විවර සඳහා පරිවර්තනය කිරීමේ හැකියාද ඇත.
6. දුරකථනයට වැඩි යමක් ලබාදෙමින් Gear S2 සහ Gear VR සමග ඒකාබද්ධ කිරීමේ අවස්ථාව පවතී.
7. පූර්ණ Galaxy අත්දැකීමක් සඳහා භාවිතකරන්නන්ට ආවේණික පහසුකම් සහිත පසුතලයක් සැම්සුන්ග් Concierge සපයයි.
නවතම Galaxy S7 රු.113,750/- (32GB) කටත්, Galaxy S7 edge රු.129,800/- කටත් පසුගිය 18 වැනිදා සිට Black Onyx, Gold Platinum සහ Silver Titanium යන පැහැයන්ගෙන් මිලදී ගත හැකි බව පවසයි.