සෑම පුද්ගලයෙක්, පවුලක් සහ ගමක්ම එක හා සමානව සංවර්ධනය කරමින් රට ඉහළට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බවත්, ඒ අනුව මෙවර අය වැය මගින් සෑම කේෂත්‍රයකටම අවශ්‍ය සහන සැලසීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
සෑම පවුලක්ම දිවි නැගුම වැනි සංවර්ධන වැඩ සටහන් හරහා සංවර්ධනය වී තම දරුවන්ගේ අනාගතය ජයගත හැකි මට්ටමේ දරුවන් ලෙස පෝෂණයෙන් සහ දැනුමෙන් සන්නද්ධ කිරීමට පියවර ගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවවසීය.
දිවි නැගුම වැඩ සටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභින් සඳහා ස්වයං රැකියා උපකරණ බෙදාදීම වෙනුවෙන් පසුගියදා ගම්පහ රන් අරුණ කාර්යාලයේ පැවැති උත්සවයකදි අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.