වසර 28ක දේශීය වාණිජ මණ්ඩල ක්ෂේත්රයේ ක්‍රියාකාරිකයෙකු විවිධ තනතුරු දරමින්, පසුව ජාත්‍යන්තර වාණිජ මණ්ඩල ක්ෂේත්රය වෙත ප්‍රවේශ වූ අජිත් වත්තුහේවා මහතා, සාර්ක් වාණිජ මණ්ඩල නව ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයට පත්කර තිබේ.
නේපාලයේ කත්මණ්ඩු නුවර ක්‍රවුන් ප්ලාසා හෝටලයේදී පැවති සාර්ක් කලාපීය වාණිජ මණ්ඩල වාර්ෂික මහා සභාව අවස්ථාවේදී මෙම නව පත්වීම පිරිනැමුණි.
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන් අජිත් වත්තුහේවා මහතා මොරටුව සරසවියේ ජාතික තාක්ෂණ ඩිප්ලෝමාධාරියෙකු වේ. 1988 වර්ෂයේ වාණිජ මණ්ඩල ක්ෂේත්රය වෙත ප්‍රවේශ වන හෙතෙම 1996 දී පිහිටවනු ලැබූ ඌව පළාත් වාණිජ මණ්ඩලයේ ආරම්භක සභාපතිවරයා වේ. 1996 දීම ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙසට පත්වූ අතර පසුව උප සභාපති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උප සභාපති වශයෙන් පත්වීම් ලබන ලදී. ඒ කාල පරිච්ඡේදය තුළ ගම්පහ, කළුතර දිස්ත්‍රික්කයන්හි වාණිජ මණ්ඩල පිහිටුවීමේ පුරෝගාමියා බවට පත්විය. 2014 වර්ෂයේදී වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපතිවරයා ලෙස පත්වූ අජිත් වත්තුහේවා මහතා විසින් මෙරට වාණිජ මණ්ඩල ක්ෂේත්රය උදෙසා සුවිශේෂී මෙහෙවර රැසක් සිය නිල කාලය තුළදී සිදු කරන්නට යෙදුණි.