ශ්රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය හා සාර්ක් කලාපීය වාණිජ මණ්ඩලය ඒකාබද්ධව ක්රියාත්මක කරනු ලබන ඒකාබද්ධ නිර්බාධා වෙළෙඳ ප්රවර්ධන වැඩසටහන යටතේ පැවැත්වෙන දෙවැනි වැඩමුළුව මෙම මස 29 වැනි දින සහ මාර්තු මස 01 වැනි දින කොළඹ 03, හොටෙල් රේණුකා හිදී සාර්ථකව පැවැත්විණි. කලාපීය රටවල ද්වීපාර්ශ්වික වෙළෙඳ කටයුතු තුළදී ඇති වන බාධක හඳුනාගැනීම, ඒ සඳහා පිළියම් යෙදීම හා පසු විපරම් කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
සාර්ක් කලාපීය රටවල් අතර පවතින වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා උචිත ආකාරයේ පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් පවත්වනු ලබන මෙම වැඩසටහන් මාලාව සඳහා කලාපීය සියලු රටවල් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් සහභාගී වූහ.