සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය හා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ සාර්ක් කලාපීය ආර්ථික ප්‍රවර්ධන සමුළුව කළුතර තූර්යා හෝටලයේදී පසුගියදා සාර්ථකව නිමාවට පත්ව තිබුණි.
%දකුණු ආසියාවේ බලශක්ති සුරක්ෂිතතාවය හා සාර්ක් මෝටර් රථ වාහන හා දුම්රිය ගිවිසුම^ මෙම සමුළුවෙහි තේමාව වූ අතර මෙම සමුළුව සඳහා සාර්ක් වානිජ මණ්ඩලයේ ප්‍රධානීන්, සාර්ක් කලාපීය සියලුම රටවල වානිජ මණ්ඩල ප්‍රධානීන්, රාජ්‍ය නියෝජිතයන්, ව්‍යාපාරිකයන් හා ප්‍රධාන පෙළේ ආයෝජකයින් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී සිටියහ.
සාර්ක් කලාපයේ එක් එක් රටවල ඇති වී තිබෙන බලශක්ති හිඟය පිළිබඳව හා කලාපයේ සමස්ත සාර්ක් රටවල් සඳහා ප්රතිලාභ ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේදී සාකච්ඡාවට ලක්වී තිබේ. තවද, කලාපීය වෙළෙඳ පොළේදී මෝටර් රථ වාහන හා දුම්රිය ගිවිසුම මගින් ජනතාවට සීමා මායිම් රහිතව ප්‍රවාහන පිරිවැය අඩුකර ගැනීම සඳහා අවකාශ සැලසෙන බවද මෙහිදී පැවසුණි.
මෙම සමුළුවෙහි බලශක්ති පිළිබඳ සැසියෙහි %සාර්ක් මෝටර් රථ වාහන හා දුම්රිය ගිවිසුම^ සාර්ක් වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වූ දේශබන්දු මැකි හෂීම් හා සාර්ක් වාණිජ මණ්ඩලයේ ඉන්දියාව නියෝජනය කරනු ලැබූ උප සභාපතිවරයෙකු වන විනෝද් ජුනයා යන මහත්වරුන් විසින් මෙහෙය වන ලදී. සාර්ක් වාණිජ මණ්ඩලයේ සභාපති සුරාජ් වෛද්‍යා මහතා, සාර්ක් වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අජිත් වත්තුහේවා හා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති සරත් කහපලආරච්චි යන මහත්වරුන්ද මෙම සමුළුව ඇමතූහ.
වසර 2016 – 2017 සඳහා වෙළෙඳාම, ආයෝජනය, සංචාරක ව්‍යාපාර, ආර්ථික ප්‍රවර්ධනය කිරීම සඳහා වන සය වැදෑරුම් න්‍යාය පත්‍රයක් සකස් කර ඇති අතර, මෙම සමුළුවේදී ලබාගත් කරුණු නොවැම්බර් මස ඉස්ලාමාබාද්හි පැවැත්වීමට නියමිත සාර්ක් සමුළුවේදී රාජ්‍ය ප්‍රධානීන් හමුවේ ඉදිරිපත් කිරීමට නියමිත බවද එහිදී සඳහන් කෙරිණි.