ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා ආයතනයේ සාගර හා ධීවර තොරතුරු කේන්ද්‍රය හෙට (17දා) බේරුවලදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
මෙම සාගර හා ධීවර තොරතුරු කේන්ද්‍රය මගින් ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ තොරතුරු හා දත්ත ඇසුරින් අපදාවන් හා කාලගුණික විපර්යාස පිළිබඳව තොරතුරු වඩාත් කාර්යක්ෂමව ජනතාවට ලබාදීමට හැකි බව කියයි.
මෙම මධ්‍යස්ථානය නාරා ආයතනයේ සාගර විද්‍යා අංශය මගින් මෙහෙයවනු ලබයි.