සාගර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති ලෙස තිලක් ධර්මරත්න මහතා මට්ටක්කුලියේ පිහිටි එම විශ්වවිද්‍යාලයේදී පසුගියදා සිය ධුරයේ වැඩ භාරගන්නා ලදී.
සාගර විශ්වවිද්‍යාල පනතට අනුව ජාතික විශ්වවිද්‍යාලයක් වූ මෙහි ප්‍රථම උපකුලපතිවරයා තිලක් ධර්මරත්න මහතා වන අතර, මෙම පත්වීමට පෙර ඒ මහතා ජාතික මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂන අභ්‍යාස ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ධුරය හොබවන ලදී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ධර්මරත්න මහතා මෙම ධුරය සඳහා පත්කරන ලදී.