ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සිදුවන සමුද්‍ර දූෂණ වැළැක්වීම හා අවම කිරීමට හා පාලනය කිරීමට කටයුතු කරන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ නෞකාවල ජනනය වන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සේවාව විද්‍යුත් සේවාවක් ලෙස විධිමත් කිරීම සඳහා පසුගියදා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතේ ශ්‍රී ලංකා සමුද්‍රීය කලාපයට ඇතුළු වන නෞකාවල දත්ත එක්රැස් කිරීමෙහිලා නව වෙබ් අඩවියක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, සම්පූර්ණ ක්‍රියාදාමයන් විද්‍යුත් මාර්ගගත සේවාවට, (E) සර්විස් යොමු කිරීම හා එමගින් ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු නෞකා ඒවායේ ඇති සියලු අපද්‍රව්‍ය පිළිබඳ අවම වශයෙන් පැය 24 කට කලින් දැනුම් දීමක් සිදුකිරීම අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලිය අධිකාරිය විසින් අධීක්ෂණය කිරීම හා පරිසරය ආරක්ෂා කිරීමේ රජයේ වැඩපිළිවෙළ සඳහා නෞකාවල දැවිතෙල් ලීටරයක් සඳහා රුපියලක මුදලක් අය කිරීම වැනි කාරණාද නව ක්‍රමවේදයට ඇතුළත් කර ඇති බවය.
මෙම අවස්ථාවට පරිසර සමුද්‍ර අධිකාරියේ සභාපති සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ඇතුළු නාවිකා හමුදා, පොලිසීයේ උසස් නිලධාරීන් හා ශ්‍රී ලංකා නැව් සංස්ථා නිලධාරීන් සහභාගි වූහ.