වී ගොවීන් හා සහල් ආනයනකරුවන් සමග පැවැත්වූ සාකච්ඡා අනුව ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් පරිදි සහල් උපරිම සිල්ලර මිල සඳහා සංශෝධනයක් සිදුකර තිබේ.
ඒ අනුව, සහල් සඳහා නව උපරිම සිල්ලර මිලක් ප්‍රකාශ කිරීමේ ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යැවූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.
ජීවන වියදම් පිළිබඳ අනු කමිටුවේ දී ගත් තීරණයන්ට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නව මිල පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, නව මිල ඊයේ (17දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙයි.
2003 අංක 09 දරණ පාරිභෝගික අධිකාරී පනතේ 19 හා 20 වැනි වගන්තිය අනුව මේ මිල නියම කර ඇත.
ඒ අනුව ආනයනික නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 72.00 කි. දේශීය නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල 80.00 කි.
ආනයනික කැකුළු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 70.00ක් වන අතර, දේශීය කැකුළු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 78.00කි.
ආනයනික සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80.00ක් වන අතර, දේශීය සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 90.00 කි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසා ඇත්තේ උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට සහල් විකිණීම සපුරා තහනම් බවයි. එබැවින් එලෙස වැඩි මිලට සහල් අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීමට පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් යොදවා ඇතැයිද හෙතෙම වැඩිදුරටත් පවසයි.