ශ්‍රී ලංකාව වෙත සහන පදනම යටතේ චීනයෙන් ණය ලබාදීම පිළිබඳ චීනය හා ශ්‍රී ලංකාව අතර රාමුව පිළිබඳ එකඟතාව සඳහා වූ ගිවිසුමකට අත්සන් තැබීම අද (16දා) සිදුවිය.
සහන පදනම යටතේ ලබාදෙන මෙම ණය දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම, මත්තල සිට හම්බන්තොට දක්වා අන්දරවැව හරහා වන 4 වන කොටස ව්‍යාපෘතිය සඳහා යොදා ගැනෙන බව කියැවෙයි.
මෙම ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම හා චීනය වෙනුවෙන් එරට වාණිජ අමාත්‍ය ගාඕ හුචෙන්ග් මහතා අතර සිදුවිය.