මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කිරීමට යෝජනා කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද (20දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවේදී ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා තිබේ.
ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ සයිටම් ආයතනයේ අයිතිය මහජනතාවටත් ලැබෙන පරිදි, රු.100/- කොටස්වලට හෝ එය ලැයිස්තුගත කරන ලෙස උපදෙස් ලබාදුන් බවයි.