සමූපකාර ක්ෂේත්රයට සම්බන්ධව සිටින සංවිධානවල දැනට පවතින ගැටලු ගැනත්, එම සංවිධාන ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ගැනත් අවධානය යොමු කරමින් ඉදිරි මාස 03 තුළ දී එකී ගැටලු විසඳා දීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේ පැවති සමූපකාර ක්ෂේත්රයේ ප්‍රධාන පෙළේ සංවිධාන සමඟ පැවති සාකච්ඡාවේදීය. මෙම සාකච්ඡාව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
සමූපකාර ව්‍යාපාරයට සම්බන්ධ සංවිධාන 14 ක් පමණ මෙම සාකච්ඡාවට සම්බන්ධ විය. ඔවුන්ගේ ඉල්ලීම පරිදි වත්මන් රජය යටතේ අමාත්‍යවරයාව සෘජු ලෙස මුණ ගැසෙන්නේ ප්‍රථමවතාවට බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.