ඊයේ දිනයේ S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශක පහළ අගයක් ලැබීමට ජෝන් කීල්ස් සමූහ සමාගම් (JKH) මිල අඩුවීම හේතුවිය. සමස්ත මිල දර්ශකය ඉහළ අගයක් ගැනීම නිසා දිනය අවසන් වනවිට මිල දර්ශක මිශ්‍ර අගයක පැවතිණි.
ඊයේ දිනයේ 6,110.27ක් ලෙස පැවති සමස්ත මිල දර්ශකය අද දිනයේ වාර්තා වූයේ 6,113.15ක් ලෙසිනි. එය 0.05% ක ඉහළ යෑමකි.
විවිධාංගීකරණ අංශය පිරිවැටුමේ මූලික දායකත්වය දැරූ අතර 1.06% අගයකින් එම අංශයේ දර්ශකය පහළ වැටුණි.
බැංකු, මූල්‍ය හා රක්ෂණ අංශය පිරිවැටුම තුළ දෙවැනි ඉහළ දායකත්වය දැරීය. එම අංශයේ දර්ශකය 0.34% කින් ඉහළ යනු ලැබිණි.