මෙම සතිය ආරම්භයේ සිටම කොළඹ කොටස් වෙළෙඳ පොළේ මිල දර්ශකවල තරමක ඉහළ යෑමක් දක්නට ලැබෙයි.
ඒ අනුව, අද (19දා) ගනුදෙනු අවසන් වනවිට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,498.78ක් ලෙස වාර්තා වූයේ, පසුගිය 14 වැනිදා වාර්තා කළ ඒකක 7,462.34 ට වඩා ඒකක 36ක ඉහළ යෑමක් ලෙසිනි.
එමෙන්ම, කොටස් වෙළෙඳ පොළේ හොඳින්ම ක්රියාත්මක වන සමාගම් 20ක් සඳහා ගණනය කරන S & P ශ්රී ලංකා 20 මිල දර්ශකය අගයද ඒකක 4,164.31 ක් ලෙස වාර්තා වූයේ, පසුගිය 14 වැනිදා වාර්තා කළ ඒකක 4,148.92 ට වඩා ඒකක 16 ක ඉහළ යෑමක් ලෙසිනි.
කොටස් වෙළෙඳ පොළේ 2015 වසරට මේ දක්වා 2.4% ක ඉහළ යෑමක් වාර්තා වී ඇති අතර, පසුගිය මාස එකහමාරක කාලය තුළ කොටස් වෙළෙඳ පොළේ ඉහළ යෑම 6.4% කි.
එමෙන්ම, මේ වසර තුළ කොටස් වෙළෙඳ පොළේ මුළු වටිනාකමේ ඉහළ යෑම රු.බිලියන 69ක් ලෙස වාර්තා වී ඇත. එමෙන්ම, මේ වසර තුළ වාර්තා වී ඇති මුළු පිරිවැටුපෙන් 30% කට දායක වී ඇත්තේ විදේශීය ආයෝජකයන් වන අතර, ඉතිරි 70% සඳහා දේශීය ආයෝජකයන් දායක වී ඇත.