සංචාරක වීසා මත ඕමාන් රාජ්‍යයේ රැකියා සඳහා පැමිණෙන කාන්තාවන්ට එරට ගෘහ සේවා අංශයේ රැකියා වීසා ලබානොදීමට එරට රජය තීරණය කර ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යම් විශේෂ හේතුවක් මත ගෘහ සේවා රැකියා නිකුත් කිරීමේ අවශ්‍යතාවක් ඇති වුවහොත්, එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පූර්ණ අනුමැතිය මත පමණක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවය.
මේ නිසා සංචාරක වීසා මත රැකියා සඳහා ඕමාන් රාජ්‍යයට විදේශ ගත නොවන ලෙසට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.