ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන සාර්ක් කලාපීය ආර්ථික සහයෝගිතා ප්‍රවර්ධන වැඩසටහන් මාලාව යටතේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ද්වීපාර්ශ්වීය ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගනු ලබන %ශ්‍රීපා ආර්ථික සංවාද – 2015^ (Sripa Economic Dialogue – 2015) එළැඹෙන 31 වැනිදා කොළඹ හිල්ටන් රෙසිඩන්සිස් හෝටලයේදී ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය පෙන්වාදෙන පරිදි, ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ද්වීපාර්ශ්වීය වෙළෙඳ සබඳතා දේශපාලනමය කරුණු මත පසුගිය කාල පරිච්ඡේදය තුළ අඩු වැඩි වශයෙන් යාවත්කාලීන විය. එමෙන්ම, දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්ද පවතින අතර, එවැනි දේ පිළිබඳ ව්‍යවසායකයන් අතර පවතින අඩු දැනුම්වත්භාවය හේතුවෙන් එම ගිවිසුමෙන් ව්‍යවසායකයන් සඳහා ලබාදී ඇති කරුණු නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවුණි. එමෙන්ම දෙරට අතර පවතින ආර්ථික සබඳතා ප්‍රවර්ධනයට නිසි අයුරින් දෙරටෙහිම මැදිහත් වීමක් නොවීම හේතුවෙන් යාවත්කාලීන වීමක් සිදු නොවුණි.
ශ්‍රී ලංකා පාකිස්තාන ආර්ථික සබඳතා මෑත කාලීනව යාවත්කාලීන වීම සිදු වූ නව නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් තැබීම මගින් විශේෂ පහසුකම් රැසක් ලබාදීම පිළිබඳව අවධානය යොමුකර ඇති අතර, මෙම වෙළෙඳ ගිවිසුම් පිළිබඳව ව්‍යවසායකයන් දැනුම්වත් කිරීම සඳහා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය ශ්‍රී ලංකා - පාකිස්තාන ආර්ථික සංවාද වැඩසටහන (ශ්‍රීපා ආර්ථික සංවාද – 2015) ආරම්භ කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලද බව පෙන්වා දෙයි. ඒ අනුව, එම වැඩසටහන් මාලාවේ පළමු වැනි වැඩසටහන මෙම මස 31 වැනි දින කොළඹ හිල්ටන් රෙසිඩන්සිස් හෝටලයේදී ආරම්භ වීමට නියමිතය.