ශ්‍රී ලංකාවේ සූර්ය බල ශක්ති උද්‍යානයක් (Solar Park) පිහිටුවීම පිළිබඳව චීනයේ ප්‍රකට සමාගමක් සමග සාකච්ඡා කොට තිබේ.
ඒ අනුව, උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (23දා) සිය අමාත්‍යංශයේ දී චීනයේ විශාලම සූර්ය බල ශක්ති සමාගමක් වන යුනාන් ෆස්ට් ටෙක් සමාගමේ අධ්යක්ෂ ශාන් ලී මහතා හමු වී මෙම සාකච්ඡාව පවත්වා තිබේ.