2016 දී ශ්‍රී ලංකාවට පෞද්ගලික විදේශ ආයෝජන (FDI) ලබාදුන් ප්‍රධානතම රටවල් දහය අඩංගු ලැයිස්තුවේ 5 වැනි ස්ථානයේ චීනය පසුවන බවත්, ඒ වසරේදී ඇ.ඩො.මිලියන 52ක ආයෝජන චීන සමාගම් විසින් මෙරටට සිදුකරනු ලැබූ බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (01දා) කොළඹදී පැවැත්වුණු චීන - ශ්‍රී ලංකා ගොඩනැගිලි කර්මාන්ත අයෝජන සැසිය අමතමිනි. මෙම අවස්ථාවට මෙරට සිටින චීන තානාපති යී ෂියෑන්ලිං මහතාද සහභාගි විය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ශ්‍රී ලංකාවට ආධාර සහ ආයෝජන ලබාදෙන ප්‍රධාන රාජ්‍යයක් බවට චීනය පත්ව තිඛෙනවා. කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ආයෝජන වැනි රාජ්‍ය මට්ටමේ විශාල පරිමාණ ආයෝජනයන්ට අමතරව චීන පෞද්ගලික අංශයේ සමාගම් හරහා මෙරටට ලැඛෙන ආයෝජනද වැඩි වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාව චීනයේ එක් තීරයක් - එක් මාවතක් (One Belt One Road) යන සංකල්පයේ ප්‍රධාන සංධිස්ථානයක් බවට පත්වී ඇති බවද පැවසිය යුතුයි යනුවෙන්" පවසා සිටියේය.