ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය විශේෂ ඇගයීමකට ලක්වූ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පෙන්වාදී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ, වොෂිංටන්, නුවරදී පැවැත්වුණු සමුළුවට සහභාගී වි සිටි ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග තමා වෙන්වෙන් වශයෙන් සාකච්ජා කළ බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත. මෙම සමුළුව පසුගිය 18 වැනිදා ආරම්භ වී, පසුගිය 23දා නිමාවීමට පත්විණි.
මෙහිදී, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා G24 මුදල් අමාත්‍යවරුන්ගේ හමුවටද සහභාගී වූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කෙරුණු බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඉන් අනතුරුව මුදල් අමාත්‍යවරයා හමුවී ඇත්තේ ලෝක බැංකුවේ උප සභාපති ඇනට් ඩික්සන් මහත්මියයි. මෙම හමුවේදී ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බවයි. තවදුරටත් එය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ සහාය හිමිවන බවද ඇනටි ඩික්සන් මහත්මිය පවසා සිටි බව මුදල් අමාත්‍යාංශය පවසයි.