ශ්‍රී ලංකාව අතර ආගමික සමාජයීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමේ දීර්ඝ කාලීන වැඩසටහනට සමගාමීව නව වෙළෙඳ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ වියට්නාම නව තානාපතිනි ප්හාන් ක්යු තු මහත්මිය පවසා තිබේ.
වසර 40කට අධික කාලයක් තිස්සේ දෙරට අතර පවතින තානාපති සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අපේක්ෂාවෙන් නව යෝජනාව ක්‍රියාත්මක කරන බව ඇය පවසා ඇත්තේ පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා හමුවී පැවැත්වූ සාකච්ඡාවකදීය.
ඒ යටතේ වියට්නාමයේ නිෂ්පාදිත සහල් හා වෙනත් නිමි භාණ්ඩ ශ්‍රී ලංකාව වෙත ලබාදීමට අපේක්ෂා කරන බවත්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා වියට්නාමය බලාපොරොත්තු වන බවත් ඇය පවසා තිබේ.
1970 දී පමණ ආරම්භ වූ ශ්‍රී ලංකා වියට්නාම් තානාපති සබඳතා මේ වනවිට ශක්තිමත් වී ඇතැයි පැවසූ නව තානාපතිනිය මේ තුළින් දෙරටේ ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බවද පවසා තිබේ.
ඒ අනුව, වියට්නාම් සහ ශ්‍රී ලංකාව අතර, දැනට පවත්නා වෙළෙඳ ගනු-දෙනු තවදුරටත් ඉහළ නංවාගත යුතු යැයි ඇය යෝජනා කර තිබේ.