කටුනායක අපනයන සැකසුම් කලාපයේ ක්‍රියාත්මක වන ග්ලෝබල් ස්පෝට්ස් ශ්‍රී ලංකා (පෞද්.) සමාගම, MAS ඇක්ටිව් ට්‍රේඩින් (පෞද්.) සමාගම, MAS ක්‍රීඩා නිර්මාණ සමාගම සහ ෆිලින්ටෙක් ට්රාන්ඩියුසර්ස් (පෞද්.) සමාගම යන ආයතන ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු සභිකයන් පිරිසකගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.
මෙම නිරීක්ෂණ චාරිකාවට සහභාගී වූ බ්‍රිතාන්‍ය ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී සජාඩ් කරීම් මහතා අදහස් දක්වමින් කියා තිබුණේ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදුවන ආකාරය තමා සියැසින් දැකගත් බවයි. එමෙන්ම ශ්‍රී ලාංකේය නිෂ්පාදනවල ගුණත්වය ගැන තමා විශ්මයට පත්වූ බවද ඔහු සඳහන් කර තිබේ.
තවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිතයෙකු වන ඩේවිඩ් මාර්ටින් සඳහන් කර ඇත්තේ කටුනායක අපනයන සැකසුම් කලාපයේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවල පිරිසිදු බව සහ ඒවා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වන ආකාරය ප්‍රශංසනීය බවයි.
එමෙන්ම, ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන්ගේ කුසලතා ජාත්‍යන්තර තලයේ පවතින බව රමෝන් ට්රෙමෝසා නම් වූ ස්පාඤ්ඤ ජාතික නියෝජිතයා සඳහන් කර ඇත.
ඒ අනුව, මෙම නිරීක්ෂණ චාරිකාවට සහභාගී වූ සියලුම යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ මතය වී ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳ පොළ ජයගැනීමට ඇති ශක්‍යතාවත්, ඒ සඳහා ඇවැසි නිර්නායකත් සපුරා ඇති බවයි.