2012 දී ඇ.ඩො.මිලියන 1,195 ක්වූ ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්වීපාර්ශ්වික වෙළෙඳ අගය 2013 දී ඇ.ඩො.මිලියන 2,244 දක්වා ඉහළ ගොස් ඇති බවත්, මෙය 88% ක වර්ධනයක් බවත් කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට වියට්නාමය ශ්‍රී ලංකාවේ 40 වැනි අපනයන රාජ්‍ය මෙන්ම, 23 වැනි ආනයනකරුද වන බවත් පැවසෙන අතර, ශ්‍රී ලංකාවේ අපනයනවලින් 0.43% ක්ද, ආනයනවලින් 1.06% ක්ද වියට්නාමය සතු බව පෙන්වා දෙයි.
පුළුල් සබඳතාවන්ගෙන් යුතු ශ්‍රී ලංකා - වියට්නාම වෙළෙඳ ගිවිසුමකට මගපාදනු වස්, දෙරට අතර ප්‍රථම නිල වෙළෙඳ යාන්ත්‍රණය ඇරඹීම වෙනුවෙන් වියට්නාමයේ හැනෝයි නුවර පිහිටි එරට කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශ මූලස්ථානයේදී පසුගිය 21දා පැවති සැසිවාරයේදී මෙම අදහස් ඉදිරිපත් විය.