දකුණු අප්‍රිකාව, සිම්බාව්වේ සහ රුවන්ඩාව යන රටවල ව්‍යාපාරික අවස්ථා සොයා බැලීමට ලංකි වාණිජ මණ්ඩලයේ මූලිකත්වයෙන් 9 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා ව්‍යාපාරික දූත පිරිසක් එම රටවල සංචාරය කර තිබේ.
මෙම සංචාරය සඳහා ජිනසේන, කැලණි කේබල්ස්, හේලීස්, දංකොටුව පෝසිලේන්, යූනියන් කෙමිකල්ස්, ජිනසේන ඉන්ෆොටෙක්, මැක්සන්ස් පේන්ට්ස් සහ රේන්කෝ ඉන්ඩස්ට්‍රීස් යන සමාගම් එක්ව තිබේ.
දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඩර්බන් වාණිජ මණ්ඩලය, ජොහැන්නස්බර්ග් වාණිජ මණ්ඩලය, සිම්බාබ්වේ ශ්‍රී ලංකා කොන්සොල් ජනරාල් කාර්යාලය, සිම්බාබ්වේ ෆයිනෑන්ස් බැංකුව, සිම්බාබ්වේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, සිම්බාබ්වේ සංවර්ධන ඒජන්සිය, සිම්බාව්වේ වාණිජ, වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යාංශය, රුවන්ඩා පෞද්ගලික සමාගම් සංවිධානය ආදී ආයතන හා සංවිධාන මීට දායකත්වය සපයා තිබේ.