තායිවානයට ශ්‍රී ලංකාව සමගින් තවදුරටත් ව්‍යාපාරික කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාවක් පවතින බව තායිවාන බාහිර වෙළෙඳ සංවර්ධන කවුන්සිලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී පීටර්. ඩබ්ලිව්. ජේ. හුආන්ග් පවසයි.
පසුගියදා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වෙත සංචාරය කරමින් එහි ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ඔහු මේ අදහස් පළ කර සිටියේය.
විශේෂයෙන්ම තායිවානය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සංවර්ධනය සම්බන්ධයෙන් අතිශය වැදගත් කටයුත්තක නිරත වන බව පවසා සිටි ඒ මහතා, ඊට අමතරව සේවා සහ සංචාරක ක්ෂේත්‍ර වෙතද අවධානය යොමු කර ඇතැයි පවසා සිටියේය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාරික ආයතන වෙතද තායිවානය තුළ ව්‍යාපාරික ක්‍රියාකාරකම් සඳහා තමන් ආරාධනා කර සිටින බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංගල පී.බී. යාපා මහතා දෙරට අතර වෙළෙඳාම තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව කියා සිටියේය.