විද්‍ය, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ජාත්‍යන්තර ප්‍රමිති දිනයට සමගාමීව වාර්ෂිකව සංවිධාන කරනු ලබන 'ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උලෙළ - 2015' හෙට (14දා) බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලවේදී 21 වැනි වරටත් පැවැත්වීමට නියමිතය.
ඔක්තෝබර් 14 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර ප්‍රමිති දිනය, නිවැරදි ප්රමිතිකරණය භාවිතයෙන් රජය, ව්‍යාපාරික ප්‍රජාව හා සමාජයට අත්කරගත හැකි වාසි පිළිබඳව අවධානය යොමුකරයි. තරගකාරී වෙළෙඳ පොළ ජයගැනීමට නම් ප්‍රමිතිකරණ භාවිතයන් අත්‍යවශ්‍ය සාධකයක් බවත්, නව පර්යේෂණ හා තාක්ෂණයන් ඇසුරු කරමින් රටට ගැළපෙන නවෝත්පාදන ආර්ථිකයක් බිහිකිරීමෙහිලා ප්රමිතිකරණය මහෝපකාරී වන බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ප්‍රමිතිගත පාරිභෝගික සේවාවක් ලබාදීමට කටයුතු කරන ආයතන (කුඩා, මධ්‍යම හා මහා පරිමාණ), නිෂ්පාදන, සේවා, අධ්‍යාපන හා සෞඛ්‍යය යන ක්ෂේත්‍ර 04 යටතේ වෙන්කොට ඉහළ ප්‍රමිතියකින් පාරිභෝගික සේවා සපයන ආයතන සඳහා මෙවර සම්මාන පිරිනැමීමට නියමිත බවත් අමාත්‍යාංශය පවසා සිටියි.