ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර 2013 සිට 2014 දක්වා සිදුකළ ද්වීපාර්ශ්වීය වෙළෙඳ හා ආයෝජන කටයුතුවල 18% ක සැලකිය යුතු වර්ධනයක් දැකිය හැකි බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් රොබින් මූඩි මහත්මිය පවසයි.
පසුගියදා 27දා කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් මහකොමසාරිස් වරිය මෙසේ අදහස් දැක්වීය.
මෙහිදී, අධ්‍යාපන ක්ෂේත්රය විශේෂත්වයක් ගන්නා අතර, මේ වනවිට 6,000ක පමණ ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතුවල නිරත වන බවත්, ශ්‍රී ලංකාවේ සිටම ඔස්ට්‍රේලියානු අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවද දැන් ශ්‍රී ලාංකික සිසුන්ට උදාවී ඇති බවත් ඇය පැවසුවාය.
ඔස්ට්‍රේලියානු සංවර්ධන ආයතනය හරහා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය හා දුගී ප්‍රජාවන් දිරිගන්වන නව ව්‍යාපාර වෙනුවෙන් සහාය දැක්වීමටද ඔවුන් බලාපොරොත්තුවෙන් සිටියි.