ශ්රී ලංකාවේ 70 වැනි නිදහස් දිනය පෙබරවාරි 04 වැනිදා උත්කර්ෂවත් අන්දමින් සමරන මොහොතේදී ශ්රී ලංකාව සහ එක්සත් ජනපදය අතර තානාපති සබඳතාවලටද 70 වසරක් සපිරෙයි.
මෙම අභිමානවත් අවස්ථාව සැමරීම සඳහා කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරි මාස 12ක කාල සීමාවේදී ශ්රී ලංකාවේ සියලු සමාජ ආර්ථික පසුබිම් හා පළාත් නියෝජනය කරමින් වැඩසටහන් ගණනාවක් දියත් කිරීමට සූදානමින් සිටියි.
මේ පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජනපද ශ්රී ලංකා තානාපති අතුල් කෙශප් මහතා පවසා සිටියේ, "ශ්රී ලංකාවේ විශාලතම වෙළෙඳ පාර්ශ්වකරුවා මෙන්ම, ශ්රී ලංකාවට වැඩිපුරම විදේශ ආධාර ලබාදෙන රටක් ලෙස දශක හතක් පුරා එක්සත් ජනපදය ශ්රී ලංකාව සමග උරෙනුර ගැටෙමින් කටයුතු කළා. අප සියලු දෙනා ශ්රී ලංකා වාසීන් සමග මේ මහඟු අවස්ථාව සැමරීමට එක්වෙනවා" යනුවෙනි.