ශ්‍රී ලංකාව හා ඉරානය අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ කොමිසමේ 11 වැනි සැසිවාරය ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්කර දෙමින් පසුගිය 24 වැනිදා කොළඹදී අවසන් විය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය, මුද්ල අමාත්‍යාංශය, පෙට්‍රෝලියම් වායු අමාත්‍යාංශය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශ රැසක් හා අපනයන සංවර්ධන මණ්ඩලය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ශ්‍රී ලංකා මහ බැංකුව වැනි රාජ්‍ය ආයතන රැසක් මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර, ඉරානය නියෝජනය කරමින් ඉරාන බලශක්ති අමථායංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, තෙල් අමාත්‍යාංශය, අපනයන සංවර්ධන බැංකුව, අපනයන සහතික පදනම, වෙළෙඳ ප්‍රවර්ධන සංගමය, අපනයන සහතික පදනම, වෙළෙඳ ප්‍රවර්ධන සංගමය, ඉරාන මහ බැංකුව ඇතුළු ආයතන රැසක් සහභාගී විය.