ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ 30 වැනි වාර්ෂික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30 වැනිදා පස්වරුවේ ශ්‍රී ලංකා මහ බැංකු බැංකු විදු පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට සපැමිණි ජනාධිපතිවරයා පිළිගැනීම ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ඒ.ඩී.වී. ද එස්. ඉන්ද්‍රරත්න මහතා විසින් සිදුකළ අතර, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ ලේකම් එම්. සුමනදාස යන මහත්වරු ඇතුළු එහි සාමාජික පිරිසක්ද උත්සවයට එක්ව සිටියහ.