ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වය සහ වරලත් ගුවන්යානා ඉංජිනේරුවන්ගේ සංගමය (ALAE) 2014 සිට වසර 3ක කාලසීමාවකට බලපැවැත්වෙන පරිදි නව සාමූහික ගිවිසුමක් සඳහා අත්සන් කර ඇති බව පවසයි.
මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකන් කළමනාකාරීත්වය ඵලදායීතාව වැඩිදියුණු කර ගැනීමටත්, ව්‍යාපාර ප්‍රමුඛතා සදහා සහයෝගය දෙමින් ගුවන් යානා ඉංජිනේරු කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවන්ට ක්ෂේත්රයේ ප්‍රමුඛතාවන්ට අනුකූලව සහයෝගය දැක්වීම සහ සේවකයන් අඛණ්ඩව රඳවා ගැනීමේ අවශ්‍යතාවය වැදගත් කොට සලකන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.