ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකාරීත්ව ආයතනය (ISMM) ශ්‍රීලංකාවේ සංචරණ හා සංචාරක අධ්‍යාපනය පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමේ පහසුකම් වැඩිකිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් කරන ලදී.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන අලෙවි නිළධාරී ජී.ටී. ජෙයසීලන් මහතා සහ සැපයුම් සහ ද්‍රව්‍ය කළමණාකාරීත්ව ආයතනයේ සභාපති අනිල් පොන්වීර යන මහත්වරුන් විසින් මෙම ගිවිසුම කොළඹ පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී ඊට අත්සන් තබා ඇත.
මෙම ගිවිසුම යටතේ දැනුම බෙදා ගැනීමේ වැඩසටහන් ලෙස ගුවන් තරණය, සංචරණ හා සංචාරක ක්ෂේත්රය,ප්‍රතිසම්පාදනය, ප්‍රවාහනය සහ සැපයුම් දාමය පිළිබඳව දැනුම ලබාදෙන අතර ආයතන දෙකෙහිම උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට මෙන්ම සංචරණ හා සංචාරක ක්ෂේත්රයේ තුළ රැකියා අවස්ථා ලබා ගැනීමට බලාපොරොත්තු වන ශිෂ්‍යයින්ට අවස්ථාව උදා වනු ඇති බව කියැවෙයි.