ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ හසුරුවීමේ අංශය නව වාර්තාවක් පිහිටුවමින් 2016 මාර්තු මාසයේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් භාණ්ඩ මධ්‍යස්ථානයෙන් එක් මාසයක් තුළ ගුවන් භාණ්ඩ ටොන් 21,743 ක් බෙදාහැර තිබේ.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් භාණ්ඩ හසුරුවන්නා වන්නේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශය විසින් වන අතර සියලුගුවන්භාණ්ඩ ආනයන, අපනයනප්රවාහනය සහ ප්‍රතිනැව්ගතකිරීම(transhipments) යනාදි සියලුම කටයුතු සිදුකරනු ලබයි.
ශ්‍රී ලංකන්ගුවන්භාණ්ඩමධ්යස්ථානය මසකට ටොන් 20.833 ක ගුවන් භාණ්ඩ ධාරිතාවක්ඉක්මවා හසුරුවමින් කාර්යක්ෂම සේවාවක් සිය පාරිභෝගිකයන් වෙත ලබාදී ඇත.
2015 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ මධ්‍යස්ථානය හරහා ටොන් ටොන් 35.877 ඇතුළත්ව සමස්ත ටොන් 212.277 ක් ගුවන් භාණ්ඩ මෙහෙයවමින් මුළු භාණ්ඩ සඳහා නව වාර්තාවක් තබා තිබුණි. එසේම එය 2014 වර්ෂයේදී ගුවන් භාණ්ඩ ටොන් 199.651 ඉක්මවා ගොස් තිබුණි.