ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනාගත නායකයන් සවිබල ගැන්වීම සඳහා රටේ පෞද්ගලික අංශයේ විශිෂ්ටයන්, වෘත්තිකයන් සහ කළමනාකරණ විශේෂඥයන් සහභාගීත්වයෙන් ගුවන් සමාගමේ නායකත්ව උපදේශන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ඔවුන් නිවේදනය කරයි. මෙවැනි වැඩසටහනක් මීට වසර දෙකකට පෙරද ගුවන් සමාගම විසින් දියත්කර ඇත.
ගුවන් සමාගමේ ප්‍රධාන විධායන නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ මෙවැනි වෘත්තීමය විශේෂඥයන්ගේ සහාය සහ අත්දැකීම් සිය ගුවන් සමාගමේ සේවක සේවිකාවන් අතර බෙදාගැනීමට හැකිවීම පිළිබඳව ඉතාමත් කෘතඥ වන බවය. ආයතනික ක්ෂේත්රය තුළ දශක ගණනාවක් පුරා කීර්තියට පත් වෘත්තිකයන් මේ සඳහා සහභාගී වූ බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ගුවන් සමාගමේ මානව සම්පත් ප්‍රධානී ප්‍රදීප කැකුලාවල මහතා ප්‍රකාශ කර සිටියේ මෙවැනි උපදේශාත්මක වැඩසටහනක් තුළින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ගුවන් සමාගමේ ඇති කැපවීම සහ පුහුණු සැලසුම් පෙන්නුම් කරන බවය. මෙමගින් විධායක ශ්‍රේණියේ සහ මධ්‍යම කළමනාකාරීත්වයේ තනතුරු හොබවන්නන්ට ඔවුන්ගේ හැකියා වර්ධනය කිරීමට අවස්ථා සැලසෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.