ශ්රී ලංකාවේ ප්රථම වරට කෞතුකාගාරයක තිබෙන කෞතුක වස්තූන් පිළිබඳව තොරතුරු පුළුල් ලෙස දැනගනිමින් නැරඹීමට පහසුවන ආකාරයේ ජංගම මෘදුකාංග යෙදවුමක් (Mobile App) හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.
ශ්රී ලංකන් මියුසියම් මැයෙන් නම් කර තිබෙන මෙම ජංගම මෘදුකාංග යෙදවුම මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය සඳහා හඳුන්වාදීමට නියමිත බව ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් හෙට (08දා) පෙරවරුවේදී මෙම කෞතුකාගාරය විවෘත කිරීම සිදුකිරීමට නියමිතය.