ඉස්ලාම් භක්තිකයන්ගේ උම්රා වන්දනාව සඳහා ගුවන් ගමන් පහසුකම් ව්‍යාප්ත කිරීමේ අරමුණින් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ හරහා ප්‍රථම වතාවට ජෙඩා නගරයට ගුවන්ගමන් සංවිධානය කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර තිබේ.
ඒ අනුව, මෙම වන්දනා ගමනට එකතු වූ ප්‍රථම කණ්ඩායම පසුගිය 10 වැනිදා මත්තලින් පිටත් වූ අතර, එම පිරිසකට 30 දෙනෙකු සිටි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් යානා මත්තල ගුවන් තොටුපළේ සිට ජෙඩා දක්වා සෑම බ්‍රහස්පතින්දාවකම පැය 14.00 ට එක් ගුවන් මෙහෙයුමක් සිදු කරනු ලබන බවත්, ජෙඩා දක්වා සමස්තයක් ලෙස සතියකට ගුවන් ගමන් වාර 5ක මෙහෙයුම් සිදුකරන බවත් එම සමාගම මෙහිදී වැඩිදුටත් පෙන්වා දෙයි.