ශ්‍රී ලංකාවේ ආයතනික මට්ටමින් ආරම්භ කරනලද තවත් එක් නව දැනුම් කළමනාකරණ පද්ධතියකට ප්‍රවේශ වෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම 'යූලින්ක්' (yoULink) යනුවෙන් නම් කළ දැනුම් කළමනාකරණ පද්ධතියක් පසුගියදා හඳුන්වා දී තිබේ. එහි තේමාව “සම්බන්ධ වෙමු, සහයෝගයෙන් ක්‍රියා කරමු, බෙදාගමු සහ ඉගෙන ගනිමු” යනුවෙන් නම් කර ඇත.
යුලින්ක් යනු දැනුම් ද්වාරයක් වන අතර දැනුම් කළමනාකරණ පද්ධති වර්ගයක් වශයෙන් සමාගම සතුව ඇති තොරතුරු (සමාගමින් පරිබාහිර තොරතුරු) එකම මධ්‍යස්ථානයක් හරහා ලබාගැනීමේ පහසුව මෙම පද්ධතිය තුළින් ලැබෙන බවත්, දැනුම සොයා යන්නන් සඳහා මෙම පද්ධතිය ඉතා උපකාරී වන බවත් ශ්‍රී ලංකන් පවසයි.