ශ්‍රී ලංකන් ගුවන් සමාගමට APEX සම්මාන හිමිවෙයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ගුවන් මගීන්ගේ ප්‍රතිචාර මත ඇගයුම් කර සම්මාන ලබාදීමේ වැඩසටහන වන 'ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ' (Airline Passenger Experience Association (APEX) සම්මාන උලෙළේදී තරු 4 පංතියේ සේවා ඇගයුමක් (Four Star) ලබා තිබේ.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා පවසා සිටියේ, "මේ විශිෂ්ටතා ඇගයුම ලබාගැනීමට හැකිවීම පිළිබඳව ගුවන් සමාගම ඉතා සතුටට පත්වෙනවා. ගුවන් මගී ප්‍රතිචාර මත මේ ඇගයුම හිමිවීම සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම, පාරිභෝගිකයන්ට වඩාත් ගුණාත්මක සේවාවක් ලබාදී ඔවුන් තෘප්තිමත් කරමින් ඉදිරියේදී තරු 5 පංතියේ (Five Star) ඇගයුම් ලබාගැනීමට අප කටයුතු කරනවා" යනුවෙනි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී සිවා රාමචන්ද්‍රන් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, “ගුවන් සමාගමේ සෑම සේවකයෙකුම අඛණ්ඩව, සාමූහිකව කටයුතු කිරීම සහ සේවා අඛණ්ඩව නව්‍යකරණය කිරීම මත මෙම විශිෂ්ට ඇගයුම් ලබාගැනීමට හැකිවුණා. ඒ වගේම, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලෝකයේ අනෙකුත් ගුවන් සේවා සමග තරගකාරීව කටයුතු කිරීමේ හැකියාව ඇති බව මෙමගින් පෙන්නුම් කර තිබෙනවා* යනුවෙනි.
APEX සංවිධානය යනු ලෝකයේ ලාභ ඉපයීම අරමුණු කර නොගත් ගුවන් සේවා මගී අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කර සිටින සංවිධානයකි. මෙම සමීක්ෂණයට ගෝලීය වශයෙන් ගුවන් සේවා 470ක් ඇගයීමට ලක්කර ඇති අතර, එම ගුවන් සේවා අතරින් 12%ක් පමණක් තරු 5 පංතියේ (five-star) ඇගයුමක් ලබාගෙන ඇත. ඉතිරි 14% ගුවන් සේවා සඳහා තරු 4 පංතියේ (four-star) ඇගයුම හිමිවී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


