ශ්‍රී ලංකන් කේටරින් ජනාධිපති අපනයන සම්මාන පිදුම් ලබයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනුබද්ධ ආයතනයක් වන සී/ස ශ්‍රී ලංකන් කේටරින් සමාගම (SLC) ජනාධිපති අපනයන විශිෂ්ටතා සම්මාන උලෙළ 2017 හිදී ඉහළම වෘත්තීමය සේවා අපනයනකරු ලෙස සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
පසුගියදා පැවති ජනාධිපති අපනයන විශිෂ්ටතා සම්මාන උළෙල 2017 හිදී ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමූහයේ සභාපති අජිත් ඩයස් මහතා, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අතින් එම සම්මානය ලබාගෙන තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා සඳහන් කළේ, &ශ්‍රී ලංකන් කේටරින් සහ එහි මවු සමාගම වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්රය සහ ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක වන සියලුම ගුවන් සමාගම්වල සංචාරකයන් මිලියන ගණනක් සඳහා විශිෂ්ට සේවා පහසුකම් සපයන බවයි. එමගින් ජාතික ආර්ථිකයට සේවය කිරීමට කැපවී සිටින බවත් මෙම ජනාධිපති අපනයන සම්මානය ලබා ගැනීමට ලැබීම ශ්‍රී ලංකන් සමාගමට ගෞරවයක් බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

