චීනයේ ප්‍රමුඛතම සංචාරක සඟරාවක් විසින් පවත්වනු ලබන 10 වැනි වාර්ෂික සංචාරක සම්මාන උලෙළේදී දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්මානයට පාත්‍ර වී තිබේ.
එහිදී, චීනය හා ශ්‍රී ලංකාව අතර ගමනාන්තයන් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකන් දරණ අඛණ්ඩ ප්රයත්නයද මෙහිදී ඇගයුමට ලක්ව තිබේ.
මෑත කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම දිනාගත් ඇගයුම් අතර නවතම සම්මානය මෙය බවද ඔවුහු පවසති.
ඒ අනුව, මීට පෙර වර්ල්ඩ් ට්‍රැවල් අවෝඩ් හිදී ඉන්දියානු සාගර කලාපයේ මෙහෙයුම් සිදුකරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙසත්, සම්පූර්ණ සේවා සපයන මධ්‍යම හා දකුණු ආසියානු කලාපීය ගුවන් සේවය ලෙස ෆියුචර් ට්‍රැවල් එක්ස්පීරියන්ස් ඒෂියා අවෝඩ්ස් හිදීත් ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්මාන දිනාගන්නා ලදී.