ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් මගීන්ට අදහස් දැක්වීම සඳහා පැවැත්වූ සමීක්ෂණයට සහභාගී වූ ගුවන් මගීන් අතරින් වාසනාවන්ත ජයග්‍රාහකයෙකු පසුගියදා කුසපත් ඇදීමක් තුළින් තෝරාගෙන තිබේ.
ගුවන් සමාගමේ අඛණ්ඩ සේවා සහ නිෂ්පාදන වර්ධනය සඳහා මෙම ගුවන් මගී අදහස් සහ ප්‍රතිචාර විශාල දායකත්වයක් ලබාදෙන බවත්, මේ අනුව 2016 ජූලි මසය සඳහා Interpid සමූහ ආයතනයේ වාණිජ කණ්ඩායම් ප්‍රධානී මයුරි ශ්‍රී රෝහනන් මහත්මිය මෙම වාසනාපත් ඇදීමේ වාසනාවන්තිය වූ බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
පාරිභෝගික සේවා අත්දැකීම් සහ තෘප්තිය මැනීම වෙනුවෙන් ගුවන් සමාගම විසින් සිය ගුවන් ගමන් ජාලය පුරාවටම 2011 වසරේ පටන් ගුවන් මගී සමීක්ෂණ පවත්වනු ලබයි. පළමුව ලිඛිත සමීක්ෂණ ලෙස ආරම්භ කර පසුව භාෂා 7ක් දක්වා පරිවර්තනය වී ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් සමීක්ෂණ සිදුකිරීමට ගුවන් සමාගම පහසුකම් සලස්වා ඇත. ඒ අනුව ipads, ජංගම දුරකථන , වෙබ් අඩවිය සහ පාරිභෝගික ප්‍රතිචාර කියොස්ක් යන්ත්‍ර තුළින් අදහස් දැක්වීමේ පහසුකම් ගුවන් සමාගම විසින් ගුවන් මගීන්ට ලබාදී ඇත.