ශනිදා තුන් වැනි කොටිපති ජයමල්ලට හිමිකම් ලැබූ මහරගම ආර්. පෙරේරා මහතාට හිමි රුපියල් හත්කෝටි හැත්තෑ පන්ලක්ෂ පන්දහස් පන්සිය විසිහතක් වන (රු:77,505,527.00) ජයග්‍රාහී මුදල පිරිනැමීම සිදුව තිබේ.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතින් මෙම මුදල් චෙක්පත පිරිනැමීම පසුගිය 20දා පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී සිදු කෙරුණු අතර, මෙම අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන මහතාද එක්ව සිටියේය.
මේ අතර, කෝටිපති ශනිදා 57 වැනි දිනුම් වාරයේ පළමු වැනි ජයග්‍රාහකයා වූයේ බදුල්ල ප්‍රදේශයේ පී.රත්නායක මහතාය. ඔහුට හිමි ත්‍යාග මුදල රුපියල් නවකෝටි අසූපන්ලක්ෂ හැටදහස් හයසිය විස්සක (රු:98,560,620.00) මුදලකි.
එමෙන්ම, කෝටිපති ශනිදා 79 වැනි දිනුම් වාරයේ, ජයග්‍රාහකයා වූයේ ගම්පහ ප්‍රදේශයේ එම්. ලියනආරච්චි මහත්මිය වන අතර, ඇය ලැබූ ජයග්‍රාහී මුදල රුපියල් අටකෝටි දහඅටලක්ෂ විසිහතරදහස් නවසීයක (රු:81,824,900.00) මුදලකි.