වෝටර්ස් ඒජ් ආයතනය මේ වසරේ තමන්ගේ ලාභාංශ 50% කින් වැඩිකර ගනිමින් රාජ්‍ය අංශයේ ආයතනයක් අත්පත් කරගත් විශිෂ්ඨතම තත්ත්වය ඇතිකරගෙන තිබෙන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (6දා) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් ආයතනයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
තම අමාත්‍යාංශය යටතේ පවතින කිසිදු ආයතනයක් රජයේ භාණ්ඩාගාරයෙන් හෝ ජනතාවගේ බදු මුදල්වලින් යැපෙන්නේ නැති බවත් ඒ සියළු ආයතන ලාභ උපයන ආයතන බවට පත්කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
තම අමාත්‍ය ධුරය යටතේ පාලනය කළ සෑම ආයතනයක්ම ඉතා කෙටි කලක් තුළ භාණ්ඩාගාරයට බරක් නොවන තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බවත්, ඉදිරියේදීත් එය තවදුරටත් වර්ධනය කරන බවද සඳහන් කරන අමාත්‍යවරයා, රජයෙන් හා මුදල් අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වනුයේ මෙම කටයුතු ධෛර්ය සම්පන්න කරන ලෙස සහ මෙම කටයුතු වලට බාධා නොකිරීම බවද සඳහන් කරයි.