සීනි ආනයන බද්ද රු.10/- කින් වැඩි කළත් වෙළෙඳ පොළෙහි සිල්ලර මිල ඊට සමගාමීව වැඩිකර නැතැයි සීනි ආනයනකරුවන්ගේ සංගමය පාරිභෝගික සේවා අධිකාරියට ලිඛිතව දන්වා ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, වෙළෙඳ පොළේ සිල්ලර සීනි මිල ඉහළ යාමට කිසිසේත්ම ඉඩක් නොමැති බවත්, එසේ ව්‍යාජ ලෙස මිල වැඩිකර ඇත්නම් එය නීතිවිරෝධී බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත්, සතොස වෙළෙඳ සැල් හරහා සීනි කිලෝවක මිල රු.102/- ක සිල්ලර මිලට අලෙවි කෙරෙන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.