වෙළෙඳ පොළේ භාණ්ඩ හිඟයක් නෑ - මුදල් ඇමති
බංකොලොත් දේශපාලනඥයන් චෝදනා කරන පරිදි වෙළෙඳ පොළේ කිසිම භාණ්ඩ හිඟයක් නොමැති බව පැහැදිලි වන්නේ යැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
උත්සව සමයේදී වෙළෙඳ පොළ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් පවතින්නේද හා ඒවායෙහි මිල ගණන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සංචාරයක නිරත වෙමින් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා,
"2015 ජනවාරි 08 වැනිදා අපි රට භාර ගන්නකොට හාල් තිබුණෙ රු.110/- ට. අද රු.75/- කට තියෙද්දි සද්ද කරනවා. එදා පරිප්පු රු.230/- යි, රු.240/- යි. අද සිල්ලර මිල රු.157/- යි. එදා රු.425/- කිරි පැකට් එක අද රු.210/- සිට රු.300/- වෙනතුරු තියෙනවා. ඉන්ධන, ගෑස් මේ සියල්ල අද අඩුවෙලා. එදා රු.2,635/- ට තිබුණු ගෘහස්ථ ගෑස් මිල අද 1,350/- යි. භූමිතෙල් එදා රු.80/- යි. අද රු.45/- යි. එදාට වඩා අද ජීවිතේ සැහැල්ලුභාවයක් ඇවිත් තියෙනවා. මීටත් වඩා මිල අඩු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය දීර්ඝ කාලීන වැඩපිළිවෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වෙමින් තියෙනවා” යැයි පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

