විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු, කඳුරට උරුම පිළිබඳ අමාත්‍යාංශ යටතේ ඒ ඒ ආයතනයන්හි ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා බඳවා ගනු ලබන පිරිස දෙගුණයකින් වැඩි කරමින්, ඒ පාඨමාලා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වෙනස් කරන ලෙස අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අමාත්‍යාංශ නිලධාරීන් හා එම අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.
නව අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව ආචාර්ය සරත් අමුණුගම මහතා සිය අමාත්‍යාංශ නිලධාරීන් ගෙන්වා සාකච්ඡාවක් පවත්වමින් මෙම උපදෙස් ලබාදී තිබේ. මෙහිදී, අමාත්‍යවරයා දැඩිව අවධාරණය කර තිබුණේ රටේ රැකියා හිඟයට ප්‍රධාන හේතුවක් වන්නේ නිසි වෘත්තීය පුහුණු පාඨමාලා හදාරා නොතිබීම බවයි. එමෙන්ම, රැකියාවක් ලබාගැනීමේදී අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) පමණක් නොව අතිරේක වෘත්තීය පුහුණවක්ද අවශ්‍ය බව හෙතෙම පවසා තිබේ. සුදුසු වෘත්තීය පුහුණුවක් හදාරා තිබීම විදේශ රැකියා ලබාගැනීමටද අවස්ථාවක් බව හෙතෙම පෙන්වා දී ඇත. ඒ අනුව, අමාත්‍යාංශය යටතේ පවතින වෘත්තීය පුහුණු ආයතන වෙත සිදුකරන බඳවා ගැනීම් දෙගුණයකින් වැඩිකිරීම ජූලි මාසයේදී සිදුවන මීළඟ බඳවා ගැනීමේ සිට සිදුකිරීම අනිවාර්යය බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.