ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සංවිධානයෙන් පැවැත්වූ ඉ-ස්වාභිමානී (e-swabimani) 2014 සම්මාන උලෙළේදී මෙවර විශිෂ්ටතම ජාතික ඉ-නිර්මාණ සම්මානයෙන් (National Best e-Content Award) පිදුම් ලැබීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව මගින් නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන 'e-තක්සලාව' ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතිය සම්මානයට ලක්විය.
මෙම සම්මාන ප්රදානෝත්සවය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ අධ්යක්ෂ ජී.එම්. නීල් ගුණදාස සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ සුමුදු විජේසූරිය යන මහත්ම මහත්මීන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් මෙම සම්මානය ලබාගන්නා ලදී.