කාන්තා කළමනාකරණ ආයතනය (WIM) සහ ලෝක බැංකුවේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) 6 වැනි විද්වත් කාන්තා වෘත්තීයවේදීන්ගේ සම්මාන උලෙළ 2016 සඳහා අයදුම්පත් විවෘත කිරීම ඊයේ (04දා) දිනයේ සිදුකරන ලදී. තම රැකියාවලින්, ව්‍යාපාරවලින් සහ එදිනෙදා ජීවිතයෙන් තමන් මෙන්ම අන්‍යයන් දිරිමත් කළ විශිෂ්ට කාන්තාවන් මෙම සම්මාන උලෙළේදී ඇගයීමට ලක්වන බව කියයි.
ඒ අනුව, මේ සඳහා අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ වී ඇති අතර එය 2016 මැයි 30 වැනි දින අවසන් වන බවද පවසයි. මෙම සම්මාන උලෙළ 2016 ජුනි 24 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, පසුගිය වසරේදී කාණ්ඩ 22ක් යටතේ කාන්තාවන් 55 දෙනකු සම්මානයට පාත්‍ර වූ බවද ඔවුන් පවසයි.
මේ සඳහා www.womeninmanagementawards.org යන වෙබ් අඩවියෙන් අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.