වාහන ආදායම් බලපත්‍රය ලබාගැනීමේදී එම මූල්‍ය ගෙවීම් ප්‍රථම වරට ක්‍රෙඩිට්කාඩ් සහ ජංගම දුරකථනය ඔස්සේ සිදුකිරීමට පහසුකම් සලසා තිබේ.
මෙම සේවාව දකුණු පළාතෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
වාහන ආදායම් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමේ පහසුකමද මේ සමගම දකුණු පළාතටද හඳුන්වා දීමට නියමිත බව නියෝජිතායතනය සඳහන් කරයි.
ගාල්ල ලබුදුව දක්ෂිණපාය අමාත්‍යංශ සංකීර්ණයේදී දෙසැම්බර් මස 2 වැනිදා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.