Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ඉන්දියානු සාගර කලාපයේ ආර්ථික වර්ධනය, විනිවිදභාවයෙන් යුතු සංවර්ධනය සහ කලාපීය ඒකාබද්ධතාව පිළිබඳ පොදු දැක්මක් පැවැතිය යුතු බවත්, වගවීම ඉහළ නංවන, විවෘත වෙළෙඳ පොළවල්, කලාපයේ ජනතාවට දෘශ්‍යමාන ප්රතිලාභ ලබාදීම සහ ඒවායෙහිදී තිරසර ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ වැඩබලන සහකාර ලේකම් ඇලිස් ජී. වෙල්ස් මහත්මිය පවසා සිටියාය.
සහකාර ලේකම්වරිය මෙසේ අදහස් දක්වා සිටියේ ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කෙරෙන ඉන්දීය සාගර සමුළුව 2017 හිදී 'ඉන්දු පැසිෆික් කලාපීය ව්‍යුහය' මැයෙන් පැවැත්වූ දේශනයේදීය. කලාපයේ සාමය, සංවර්ධනය සහ සෞභාග්‍යය යන තේමාව යටතේ චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, ජපානය ඇතුළු රටවල් 30ක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී දින දෙකක් පුරා පැවති මෙම සමුළුවට දේශීය මෙන්ම විදේශීය නියෝජිතයන් 300කට වැඩි පිරිසක් එක්ව සිටියහ. එම දේශනයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සහකාර ලේකම් ඇලිස් ජී. වෙල්ස්,
"මේ සම්මන්ත්‍රණය සංවිධානය කිරීමේදී එහි නායකත්වය ගැනීම වෙනුවෙන් ඉන්දියා පදනම සහ සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාවේ සිටින එහි පාර්ශ්වකරුවන්ට මාගේ කෘතඥතාවය පිරිනමනවා.
දිගු කාලයක් පුරා පැවති එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව සඳහන් කරමින් මේ අදහස් දැක්වීම ආරම්භ කරනවා. එක්සත් ජනපදය සැමවිටම සහ අඛණ්ඩව ඉන්දු පැසිෆික් කලාපයේ බල අධිකාරීත්වයක් දරනු ඇති.
දශක හතකටත් වැඩි කාලසීමාවක් පුරා නැගෙනහිර අප්‍රිකා වෙරළ තීරයේ සිට ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරය දක්වා වූ මේ සුවිශාල වැදගත් භූමි ප්‍ර‘දේශයේ වගකීම අප සතුටින් භාර ගත්තා. මේ තත්ත්වය මීළඟ දශකයන්හිදීද නොවෙනස්ව පවතිනු ඇති.
මේ කලාපය සමග ඇමෙරිකාව සම්බන්ධතා පැවැත්වීම මෑතකදී සිදුවූවක් නොවේ. සියවස් දෙකකටත් පෙර නව එංගලන්තයේ සිට ඉන්දියානු සාගරයේ වෙළෙඳ නාවික මාර්ග ඔස්සේ කුළුබඩු, තේ සහ අයිස් රැගත් නැව් පවා බොස්ටන් සහ කල්කටාව අතර යාත්‍රාකර තිබෙනවා.
අද තත්ත්වය පිළිබඳව සලකා බලනවිට මේ කලාපය හා සම්බන්ධ අපගේ පාර්ශ්වකරණය සහ පොදු ක්ර‘මෝපායික අභිලාශයන් තවතවත් ශක්තිමත් වෙමින් අඛණ්ඩව පවතිනවා. මීළඟ මිනිත්තු කිහිපයේදී ඉන්දියානු සාගර කලාපය පිළිබඳ අපගේ දැක්ම සහ එක්සත් ජනපද මැදිහත්වීම් සහ රාජ්‍යතාන්ත්‍රික කාර්යයන් සඳහා පදනම් වන මූලධර්ම හා ඔබ හමුවේ තැබීමට අදහස් කරනවා.
පළමුවෙන්ම ඉන්දියානු සාගර කලාපයේ ආර්ථික වර්ධනය, විනිවිදභාවයෙන් යුත් සංවර්ධනය සහ කලාපීය ඒකාබද්ධතාවය පිළිබඳව පොදු දැක්මක් පැවැතිය යුතුයි. වගවීම ඉහළ නංවන, විවෘත වෙළෙඳ පොළවල්, කලාපයේ ජනතාවට දෘශ්‍යමාන ප්රතිලාභ ලබාදීම සහ ඒවායෙහිදී තිරසර ක්‍රියාකාරකම්වලට අප ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි.
දෙවනුව මේ කලාපයේ තිබෙන රටවල්වලට ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් වන්නාවූ අවස්ථාවන්ට මුහුණදීමටත්, මානුෂීය සහ පාරිසරික ආපදාවන්ට ප්‍රතිචාර දැක්වීමටත් හැකිවිය යුතුයි. ඒකාබද්ධව සිදුකරන ධාරිතා ශක්තිමත් කිරීම් සහ අභ්‍යාස මගින් ෙම් අතිශයින් සංකීර්ණ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවත්නා වගකීම් පොදුවේ භාරගත හැකි වනු ඇති.
අවසාන වශයෙන් නිදහස් නාවික ගමනාගමනය සහ අර්බුද සාමකාමීව විසඳා ගැනීමද ඇතුළත්ව අන්තර් ජාතික ප්‍රමිතීන්ට එකඟවීමට අප සියලුදෙනා යොමු කරන්නාවූ කලාපීය මූලධර්ම රාමුවට සහයෝගය දැක්විය යුතුයි. සියලුම ජාතීන්ට නිදහසේ පියාසර කිරිමට, යාත්‍රා කිරීමට සහ අන්තර් ජාතික නීතියට යටත්ව මෙහෙයුම් සිදුකිරීමට අවස්ථාව හිමිවිය යුතුයි.
ආර්ථික වශයෙන් වැදගත් වන කරුණු සමගින් අප මෙය ආරම්භ කළා. ලෝකයේ වාණිජ සහ වෙළෙඳ කටයුතුවලදී ඉන්දියානු සාගරය ඉතා වැදගත් මධ්‍යස්ථානයක් වෙනවා. ලෝකයේ වෙළෙඳ නැව් 90,000කින් අඩක් සහ ලෝකයේ තෙල් වෙළෙඳාමට සම්බන්ධ නැව්වලින් තුනෙන් එකක් ඉන්දීය සාගරයේ නාවික ගමන් මාර්ග ඔස්සේ ගමන් කෙරෙනවා.
ලෝකයේ ඉතා සීඝ්‍ර‘යෙන් වර්ධනය වන ආර්ථිකයන්ගෙන් සමහරක් මේ කලාපයේ පිහිටා තිබෙන අතර, ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් වාසය කරන්නේ මේ කලාපය තුළයි. මිලියන 500ක්වූ මේ ජනතාවට තවමත් විශ්වාසදායී බලශක්ති මූලාශ්‍රවලට ප්‍ර‘වේශ වීමට අවස්ථාව ලැබී නැහැ.
ආර්ථික ඒකාබද්ධතාවය සවිබලගැන්වීම තුළින් තිරසර සහ සියලුදෙනා අන්තර්කරණය වූ වර්ධනයක් ඇති වේ යැයි අප විශ්වාස කරනවා. උදාහරණයක් වශයෙන් දකුණු සහ ගිනිකොණදිග ආසියාව තීරුබදු නොවන බාධකයන් 50%කින් අඩු කළහොත් අන්තර් කලාපීය වෙළෙඳාම වර්ධනය වී 2030 වනවිට දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො.බිලියන 568කින් වැඩිවනු ඇති. මෙය මහත් අපේක්ෂා සහගත එනමුත් ළඟා කරගත හැකි තත්ත්වයක් ලෙස හැඳින්විය හැකියි.
ඇමෙරිකානු සමාගම් දැනටමත් මේ කලාපය පුරාම ක්‍රියාත්මක වන අතර, ඔවුන් බෝතල් කළ බීම වර්ගවල සිට ගුවන් යානා අමතර කොටස් දක්වා වූ සියලුම ද්‍රව්‍ය සපයනු ලබනවා. ඇමෙරිකන් සමාගම් 600කට වැඩි ගණනක් පසුගිය වසර දෙකේදී ඉන්දියාවේ පමණක් ඍජු විදේශ ආයෝජන 500%කින් ඉහළ නැංවීමට දායකත්වය ලබාදී තිබෙනවා.
නේපාලයේ ප්‍රවාහන සහ බලශක්ති ක්ෂේත්රයන්හි ඇ.ඩො.මිලියන 600ක ආයෝජන සිදුකිරීමට එක්සත් ජනපදය අපේක්ෂා කරන අතර, මෙය ඉන්දියානු සාගර කලාපය සමග අපගේ ආර්ථික බැඳීම් දිනෙන් දින වර්ධනය වන බවට වන එක් සලකුණක් වෙනවා.
විනිවිදභාවයෙන් යුතු ඍජු විදේශ ආයෝජන හා ශක්තිමත් ඔරොත්තු දෙන්නාවූ බලශක්ති යටිතල පහසුකම් සැකසීමට දිරිදෙන්නා වූ නීතිමය සහ නියාමන නීතිරීති සැකසීමට සහ පිබිදෙන ව්‍යවසායකයන්ට ඔවුන්ගේ ව්‍යාපාරික අදහස් සංවර්ධනය කරගැනීමට ඒවාට අවශ්‍ය සම්පත් සමග සම්බන්ධ කරලීමට අපි දකුණු ආසියානු රටවල් සමගින් පාර්ශ්වකරණයෙන් ක්‍රියා කරනවා. ජනාධිපති ට්‍රම්ප් සහ අගමැති මෝදි ඔවුන්ගේ ජූනි සමුළුවේදී අවධාරණය කළ පරිදි ඉන්දියාව සහ ඇමෙරිකාව විනිවිදභාවයෙන් යුතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් සහ වගකීමෙන් යුතු ණය මූල්‍ය භාවිතයන් මගින් කලාපීය ආර්ථික සම්බන්ධතාවය සවිබල ගැන්වීමට කැපවී ක්‍රියාකරණු ඇති.
එක්සත් ජනපදය 'සේෆ් ඕසියන් නෙට්වර්ක්' සමග පාර්ශ්වකරණයන් ඇති කරගනිමින් මුළු මහත් ලෝකයටම තර්ජනයක් වී ඇති නීති විරෝධී, ලේඛනගත වීමෙන් තොර සහ නියාමනයෙන් තොර ධීවර කර්මාන්තය වැළැක්වීම සඳහා ක්‍රියාකරනවා. මේ ක්‍රියාමාර්ගය තුළින් ප්රචණ්ඩත්වයන් ඇති වන අවස්ථා පරීක්ෂා කිරීමටත්, නීතිය ක්‍රියාත්මක කිරීමටත්, නීතිවිරෝධී ක්‍රියාවල නිරතවන්නන් නීතිය ඉදිරියට පැමිණවීමටත් හැකි වේවි. ලෝකයේ සියලු දිශාවන් නියෝජනය කරන පාර්ශ්වකරුවන් 40දෙනෙකුට වැඩි ගණනක් සේෆ් ඕසියන් නෙට්වර්ක් හා සම්බන්ධ වී ඇති අතර, අප සියලුම ජාතීන්ට මේ හා සම්බන්ධ වන ලෙස ඇරයුම් කර සිටිනවා.
දකුණු ආසියාවේ අපගේ කලාපීය පාර්ශ්වකරුවන් ඔවුන්ගේ කාර්යභාරයන් ඉටු කරමින් සිටිනවා. ඉන්දියාව 'ඇක්ට් ඊස්ට්' ප්‍රතිපත්තිය මගින් තමන්ගේ අසල්වැසි රාජ්‍යයන් සමගින් ශක්තිමත් වෙළෙඳ සහ යටිතල පහසුකම් සම්බන්ධතා ඇති කරගනිමින් සිටිනවා. උදාහරණයක් වශයෙන් බංග්ලාදේශය, ඉන්දියාව සහ නේපාලය විසින් ඔවුන්ගේ දේශ සීමා හරහා නිදහසේ භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනයට ඉඩ සැලසීමට මෝටර් වාහන ගිවිසුමක් ක්‍රියාවට නංවනු ලබනවා.
මේ අතර අපි BIMSTEC (Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation) බෙංගාල බොක්ක ප්‍රදේශයේ බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාවයහි ඇති වී තිබෙන ප්‍රගතිය අගය කරන අතර, විදුලිබල ජාලය සම්බන්ධ කිරීම සහ ප්‍රවාහනය පිළිබඳ ගිවිසුම ක්‍රියාවට නැංවීම මීළඟ BIMSTEC සමුළුවට කලින් සිදුකළ හැකි යැයි අප අපේක්ෂා කරනවා.
මේ කලාපය අසීමිත අසමසම අවස්ථා රැසක් උදාකරන අතරම ත්‍රස්තවාදය, සංක්‍රාන්තික අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැනි ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ අභියෝග රැසකටද මුහුණ දෙනවා.
මේ අභියෝග තුරන් කිරීමට එක්සත් ජනපදය කලාපීය පාර්ශ්වයන් අතර බුද්ධි තොරතුරු හුවමාරු කිරීම වැඩිදියුණු කිරීම සහ ප්‍රජා පොලිස් සේවා, මත්ද්‍රව්‍ය මැඬලීම, ගුවන් ගමන් ආරක්ෂාව සහ අධිකරණ වෛද්‍ය විශ්ලේෂණ වැනි අංශවල ධාරිතා ශක්තිමත් කිරීමට උත්සාහ දරනවා. එසේම නාවික අඩවි එකිනෙකා හා සම්බන්ධ වී ක්‍රියාකිරීමේ අවශ්‍යතාව පිළිබඳව දැනුම්වත්භාවය නංවාලීමේ දැඩි අවශ්‍යතාවයක්ද පවතිනවා. දිනෙන් දින කාර්ය බහුල වන්නාවූ නාවික වාතාවරණයක් තුළ ගුණාත්මක වශයෙන් උසස් මට්ටමේ සහයෝගීතාවයක පදනම වන්නේ විශ්වාසදායී තොරතුරු හුවමාරුවයි.
ඉන්දීය සාගර කලාපයේ අපගේ පාර්ශ්වයන්ගේ වෙරළාරක්ෂක ධාරිතාවයන් ශක්තිමත් කිරීමටද එක්සත් ජනපදය කැපවී ක්‍රියාකරනවා. අද දින සිට සති දෙකක් ඇතුළත් ලෝක වෙරළාරක්ෂක සංසදය පැවැත්වෙන අතර, මෙයට අනුග්‍රහය දක්වන්නේ ජපානයයි. මෙමගින් නාවික ගමනාගමනය මගින් ඇතිවන්නා වූ දූෂණය වැළැක්වීම, නීතිය ක්රියාවේ නැංවීම, සෙවීමේ සහ මුදාගැනීමේ කටයුතු සහ වෙනත් අංශ ගණනාවක් වැඩිදියුණු කිරීම සඳහා සහයෝගයෙන් ක්‍රියාත්මක වීම වැඩිදියුණු කිරීමට අපේක්ෂිතයි. මෙහි සිටින සියලුම ජාතීන්ට මෙයට සහභාගි වන ලෙස අප ආරාධනා කරනවා. නාවික කටයුතුවලදී සහයෝගයෙන් ක්‍රියාත්මකවීම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද එක්සත් ජනපදය උනන්දුවෙන් කටයුතු කරනවා. ජූලි මාසයේදී පැවැත්වුණු එක්සත් ජනපද, ඉන්දියා, ජපාන නාවික අභ්‍යාස මෙතෙක් පැවැති විශාලතම සහ වඩාත් සංකීර්ණ නාවික අභ්‍යාසය වූ අතර, මෙයට පුද්ගලයන් දස දහසක් පමණ සහභාගි වූවා.
අපි ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදයේ නාවික හමුදාවන් අතර පවත්නා සම්බන්ධතාවයන් වැඩි කරගනිමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් අපගේ පළමු නාවික අභ්‍යාසය පවත්වනු ලැබුවා. ගිනිකොණදිග ආසියා සහයෝගිතා සහ පුහුණු වැනි නිතිපතා පැවත්වෙන අභ්‍යාස තුළින් බංග්ලාදේශය සමගින් අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන සම්බන්ධතාවයන් අපි අගය කොට සලකනවා.
නුදුරු අනාගතයේදීම යම් දිනක මේ කලාපයේ සියලුම නාවික හමුදාවන් ඒකාබද්ධව මේ අභ්‍යාසයට සහභාගි වී නාවික කටයුතු අන්තර්ජාතික මට්ටමට ඉහළ නැංවීමට අවශ්‍ය සාමූහික ශක්තිය ගොඩනැංවීමට සහයෝගයෙන් ක්‍රියාකරනු ඇති.
ඉන්දියානු සාගර කලාපයේ සඳහා වූ අපගේ පොදු පරමාර්ථය, එනම් විවෘත මූලධර්ම මත පදනම් වූ සහ අර්බුදයන්ට ඔරොත්තු දෙන තත්ත්වයක් මේ කලාපයේ පවත්වාගෙන යෑම යථාර්ථයක් බවට කරගැනීම සඳහා අපට ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය සහයෝගයෙන් යුතු සක්‍රීය කලාපීය වැඩසැලැස්මක් අවශ්‍ය වෙනවා. මෙහිදී සියලුම රාජ්‍යයන් පිළිගැනීමත් සහ ඔවුන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහ ප්‍රතිඵලවලට වගකීම් දරනවා. කලාපීය පාර්ශ්වකරුවන් පහත සඳහන් පොදු දැක්මට අනුව කටයුතු කළ යුතුයි.
පසුගිය මාසයේදී ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ 'එක්සත් ජනපදය අපගේ පොදු පරමාර්ථය වන දකුණු ආසියාවේ සහ වඩාත් සුවිසල් ඉන්දු පැසිෆික් කලාපයේ සාමය සහ ආරක්ෂාව ඇති කරගැනීම සඳහා කැපවන' බවයි.
මෙම දැක්ම ගොඩනැගී ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් සහ අගමැති මෝදි පසුගිය ජූනි මාසයේදී ප්‍රකාශයට පත්කළ ඉන්දිය සාගර කලාපය සඳහා වූ මූලධර්ම පදනම් කර ගෙනයි. පොදු දැක්මක් සඳහා වූ අපගේ අභිලාශය මගින් මේ කාලාපයේ සාමය ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂාව, නිදහසේ නාවික ගමනාගමනය සිදුකිරීම සහ ඉන්දියන් සාගර කලාපයේ තිරසර සහ විවෘත වැඩසැලැස්මක් සඳහා වූ අපගේ අඛණ්ඩ දායකත්වය පෙන්නුම් කරනවා.
මේ පොදු කාර්යය සඳහා එක්වන ලෙස සියලුම ජාතීන්ට අප ආරාධනා කර සිටිනවා. එසේම අපගේ සාමූහික නායකත්වය තුළින් අපට සෙසු ලෝකයාට ආදර්ශයක් ලබාදිය හැකියි."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd