ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන වාණිජ මණ්ඩල ප්‍රධානීන්ගේ වාර්ෂික මහා සමුළුව හෙට (03දා) කොළඹ රමාඩා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
එදින ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකන් ආරක්ෂා කිරීම උදෙසා වැදගත් තීන්දු තීරණ රැසක් ගනු ලැබීමට නියමිත බවත්, මෙය දෙස් විදෙස් විශේෂ අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇති බවත් ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය වැඩිදුරටත් පවසයි.